‘උඩරට මැණිකේ’ පීලි පනී


(යොහාන් භාසුර)

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’ සීඝ්‍රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (7) පීලි පැනීමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.