( ජයන්ත සමරකෝන් )
ඉන්දියානු ‘රෝ‘ ඔත්තු සේවය මගින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැරැසෙන බවට පළ වු පුවත හා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට යන සිද්ධියත් ජනාධිපතිවරයාට එරෙහිව අගමැතිවරයා ඇතුළු එජාපය ගෙන යන සැලැස්මක ප්‍රථිපලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
මෙය දෙරට රාජ්‍ය නායකයින් අතර විරසකයක් ඇති කිරීමට ගන්නා උත්සාහයක් බැවින් එය ජනාධිපතිවරයා විසින් ඒ මොහොතේම ප්‍රතික්ෂේප කර ඇතැයිද පැවසීය.
පුංචි බොරැල්ල නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙලෙස සඳහන් කළේය.