(සුජිත් හේවාජූලිගේ සහ ඩයනා උදයංගනී)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුරට මහ බැංකුවේ නිලධාරියකු පත් කිරීම වැරදි යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවැසීය.
කරුණානායක මහතා මේ බව පැවැසුවේ සක්‍රීය වගකීම් කළමනාකරණ පනත යටතේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
එහිදී රවී කරුණානායක මහතා මෙසේ ද කීය.
“මහ බැංකුවේ අය දැම්මාම මේ ආයතනයත් නැතිවෙනවා. දේශීය ආදායම් එකේ දක්ෂයෝ ඉන්නවා. ඇයි ඒ අය පත්කරන්නේ නැත්තේ? මේ ප්‍රශ්නය වහා නිවැරදි වෙන්න ඕන.
මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් මේ රටේ ආර්ථිකය කනවා. මුදල් අමාත්‍යංශයටත් අද අංශභාගය හැදිලා. රුපියලට ඒ අය උත්තර දෙන්න ඕනෑ. පිටරට ප්‍රශ්නයක් කියලා මග හැරලා ඉන්න ඒ අයට බැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රධානියා පත් කළේ වැරදි මාර්ගයෙනුයි. ඇතුලේ අයෙක් ඒ තනතුරට පත් කරන්න.”