‘අලුත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි’


 
(විනීතා එම් ගමගේ)
 
නව ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම පිළිබඳව උනන්දු වන්නේ නම් රජය පිහිට වූ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු ආරම්භ කළ යුතු යැයි පැෆරල් සංවිධානය කියයි.


ජනමත විචාරණ, පාර්ලිමේන්තු මැතිවරණය වැනි දේ ගැන සමාජයේ කථා ඇතත් සිදුවිය යුත්තේ එම මැතිවරණ පැවැත්වීම නොව වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීම යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා  පැවැසීය.

 
දිවුරුම් දී කෙටි කාලයක් තුළ පළාත් සභා මැතිවරණයේ මූලික කටයුතු ආරම්භ කිරීමට නව රජය කටයුතු කරනු ඇතැයි තම සංවිධානය විශ්වාස කරන බව ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.