‘ සිසුසැරිය‘ ලබන 15 වැනිදා සිට යළි ක්‍රියාත්මකයි


 

 (නිමල කොඩිතුවක්කු)
 
සිසුසැරිය බස්රථ සේවාව ලබන 15 වැනිදා සිට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ඉලක්ක කරගනිමින් යළි ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලංකාදිපයට පැවසීය.
මේ සඳහා බස්රථ 200ක් අලුතින් එක්කරන බවද අමාතයවරයා සඳහන් කළේය.
 
සිසුසැරිය සඳහා මෙතෙක් යෙයාදවා තිබූ පරණ බස්රථ වෙනුවට පහසුකම්වලින් සමන්විත පිරිසිදු බස්රථ යොදවන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන්ට උපදෙදස් ලබාදී ඇතැයිද ලොකුගේ මහතා කීය.
 
ලබන 15 වැනිදායින් පසු දිවයිනේ සෙසු පළාත් වලටද සුවසැරිය බස්රථ යෙදවීමට කටයුතුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.