
(සුජිත් හේවාජුලිගේ )
මෙරටට ගෙනවිත් ඇති ෆයිසර් එන්නත අගෝස්තු මාසයේදී කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.
මේ එන්නත සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන විවිධ අංශවලින් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට යෝජනා ගණනාවක් ඉදිරිපත්වී ඇතැයි වාර්තා වේ.
මේ අතර ෆයිසර් එන්නත් ඉතිරි ප්‍රමාණය යොදාගෙන කොවිඩ් මර්දන සිවුවෙනි මාත්‍රාව නොපමාව ලබාදෙන්නැයි යෝජනා කළ බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
ඉතිරි එන්නත් ප්‍රමාණය වෙනත් රටකට විකිණීම සම්බන්ධයෙන්ද යෝජනාවක් ඉදිරිපත්ව ඇත. එම එන්නත් ගෙන්වීමේදී අත්සන් කෙරුණු ගිවිසුම් අනුව එසේ විකිණීමට කටයුතු කළ නොහැකි බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වා දෙති.
මේ අතර කොවිඩ් තත්වය පහව යෑම නිසා කොවිඩ් එන්නතට ඇති ජනතාවගේ උනන්දුවද විශාල වශයෙන් පහත බැස ඇතැයි තාක්ෂණ සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

