ළමා අයිතිවාසිකම් සඳහා යුනිසෙෆ් වෙතින් ව්‍යාපාරික කවුන්සිලයක්


(නිමල කොඩිතුවක්කු)

මෙරට ළමුන්ගේ, ළමා අයිතිවාසිකම් සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ මූලිකත්වයෙන් ව්‍යාපාරික කවුන්සිලය කොළඹදී එළිදක්වනු ලැබීය.

මෙම කවුන්සිලය මගින් මෙරට ළමා අයිතිවාසිකම් සහ ළමා හා තරුණ ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් කැපවී ක්‍රියා ක්‍රියා කරන අතර ඊට පෞද්ගලික අංශය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සිය දායකත්වය ලබා දී තිබේ.

ළමුන්ගේ සහ තරුණයින්ගේ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා උපාය මාර්ගික විවිධ මුලපිරීම් සහ සහයෝගීතාවය ආදී ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම ඔවුන්ගේ සාමූහික ප්‍රවීණත්වය නායකත්වය සහ සමාජ වගකීම් වෙනුවෙන් ලබාදෙන දායකත්වය සඳහා අවකාශ සලසා දීම මෙම වැඩපිළිවෙල අරමුණ වේ.

මෙම වැඩසටහන සඳහා තෝරාගත් ව්‍යාපාරික ප්‍රධානීන් තම ආයතන වල ප්‍රවර්ධන කටයුතු ව්‍යාපාරික අරමුණු සියල්ල පසෙකින් තබා සද්භාවයෙන් මෙම ව්‍යාපාරික කවුන්සිලය හා සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි.