
(අංජුල මහික වීරරත්න)
ළමුන් සදහා ආරක්ෂිතව සාක්ෂි දීමේ සාක්ෂි කාමර ස්ථාපිත කිරීම මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (17) පැවැසීය.
වින්දිතයින් බවට පත්වන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබාදිය හැකි ඩිජිටල් පහසුකම් සහිත සාක්ෂි කාමරයක් මහනුවර මහාධිකරණයේ විවෘත කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
වින්දිතයින් බවට පත්ව නීතිය ඉදිරියට එන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබාදීමේ හැකියාව පැවතිය යුතුයි.
වින්දිතයින් බවට පත්වන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබාදිය හැකි ඩිජිටල් පහසුකම් සහිත සාක්ෂි කාමරයක් මහනුවර මහාධිකරණය තුළ විවෘත වන්නේ මෙරට පළමු වරටයි.


