(ඉන්දිකා රාමනායක)
නීති විරෝධී ලෙස විදෙස් රටකට සංක්‍රමනය වීමට උත්සහ කළ පුද්ගලයන් 91 දෙනකු මාරවිල ලැගුම් හලකින් සහ හලාවත මුහුදු ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව නවික හමුදාව කියයි.
මාරවිල පොලිසිය හා නාවික හමුදා එක්ව අද (8) මාරවල ප්‍රදේශයේ ලැගුම් හලක් පරික්ෂා කිරීමේ නීති විරෝධීව සංක්‍රමනයවීම සදහා එහි රැඳී සිටි 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර නාවික හමුදාව ඊයේ රාත්‍රියේ හලාවතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමකින් බහුදින යාත්‍රාවකින් මෙරටින් සංක්‍රමය වීමට උත්සහ කළ තවත් පුද්ගලයන් 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ලැගුම් හලින් අත්අඩංගුවට ගත් පිරිස යාපනය, ත්‍රිකුණාමලය, මුලතිව් සහ මාරවිල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත්, ඔවුන් මාරවිල පොලිසියට බාර දී ඇත.
හලාවත මුහුදේ දී අත්අඩංගුවට ගත් පිරිස මීගමුව, හලාවත, පුත්තලම, කල්පිටිය, මුලතිව්, කිලිනොච්චි, ත්‍රිකූණාමලය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත්, ඔවුන් කොළඹ වරාය පොලිසියට බාර දී ඇත.