හොරට කිරිමැටි ප්‍රවාහනය කළ ලොරි 5ක් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ආකාරයෙන් කිරිමැටි ප්‍රවාහනයේ යෙදුණ ටිපර් රථ පහක් සමඟ එහි රියදුරන් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි

.ඒ අතර හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ බෑණාට අයත් ලොරි රථයක් ද වන බවත් ඒ සඳහා කිරිමැටි ප්‍රවාහනයට යොදාගෙන ඇත්තේ දියණියගේ නමට යොදාගත් බලපත්‍රයක් බව ට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිස් භාරයට ගත් එක් ලොරි රථයකට කිරිමැටි ප්‍රවාහනය සඳහාබලපත්‍ර නොමැති බවට ද අනාවරණය වී ඇත.

බස්නාහිර පළාත් බුද්ධිකොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට බණ්ඩාරගම පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් බණ්ඩාරගම කළුතර මාර්ගයේ ගල්තුඩේ ප්‍රදේශයේදී අද අලුයම සිදු කළ මෙහෙයුමකදී මෙම ලොරිරථ පහ සමඟ රියදුරන් අත්අඩංගුවටට ගෙන ඇත.