හොරගොල්ලේ වෙඩි තැබීමට දෙන්නෙක් අල්ලයි


(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

හොරගොල්ල වලව්ව ඉඩමට අනවසරයෙන් ඇතුළුවූ අයෙකුට වෙඩි වැදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එම ඉඩමේ මුරකරුවන් දෙදෙනෙකු හා ගිනි අවියක් අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව  පොලිසිය කියයි.

අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයෙකුට ඊයේ (12) එම හොරගොල්ල ඉඩමේදී සිදුවූූ වෙඩි තැබීමකින්   තුවාල ලබා ඔහු  වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව නිට්ටඹුව පොලිසිය කියයි .

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ හොරගොල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු වේ.

යම් හොරකමක් සිදු කිරීම සඳහා වෙඩි  වැදුණු පුද්ගලයා මෙම  ඉඩමට ඇතුළු වී ඇති බවට පොලිස් විමර්ශනවලදී  අනාවරණය වේ.

බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර  වෙඩි තැබීම සිදු කිරීම සම්බන්ධව   ඉඩමේ මුරකරුවන් දෙදෙනෙකු    නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.