(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලොන්නරුව මනම්පිටියෙන් හොරා ගත් බව කියන ගවයකු ගෙවත්තේ බැඳගෙන සිටි බව කියන පොලිස් සැරයන්වරයෙක් කන්තලේ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා 20 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සොරා ගත් බව කියන එම ගවයා ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකි.
සැකකාර පොලිස් සැරයන්වරයාගේ සහෝදරයකු විසින් ඔහුට අයත් ලොරි රථයක පටවාගෙන ආ බව කියන මෙම ගවයා සැරයෙන් වරයාට බාර දී ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.
මෙම ගවයා පොලිස් සැරයන්වරයා ට බාර දුන් බව කියන එම සැරයන්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි තමාට අයත් ගවයන් දෙදෙනකු සොරාගෙන ගොස් ඇති බවට එම ගවයන් දෙදෙනාගේ හිමිකරු මනංපිටිය පොලිසියට පැමිණිලි කර තිබිණි.

