
( සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළුතර ප්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ පුද්ගලයකු කූඨ ලේඛන භාවිතා කරමින් පාවිච්චි කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රාදේශීය සභාවට ඟරග කළ අපේක්ෂකයකු බව පොලිසිය කීය. සැකකරු මොරොන්තුඩුව අරියගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි. එකී ජීප් රථයට භාවිතා කර ඇත්තේ මෝටර් රථයක අංකයක් බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බවත් පොලිසිය සදහන් කරයි .

