(තරිඳු ජයවර්ධන)
වඩා හොඳ ජීවන තත්ත්වයක් ආර්ථික වශයෙන් හා සමාජ වශයෙන් ජනතාවට ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුව සහ අධිකරණය රටේ නීතිය අනුව කටයුතු කිරීම ගැන ආඩම්බර විය හැකි බව ද වික්‍රමසිං මහතා කීවේය.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ අරලියගහ මන්දිරයට පැමිණ සිටි ජනතාව අමතමිනි.
ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ සටනට සම්බන්ධ වූ සියලුම දෙනාට ස්තුතිය පුද කරන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.