හොංකොං ගින්නෙන් මියගිය ගණන ඉහළට


හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ උස් මහල් නිවාස සංකීර්ණයක ඇති වූ  ගින්නෙන් මියගිය  පුද්ගලයින් ගණන 55 දක්වා ඉහළ ගොස් ඇති බව  එරට ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසයි. 

තායි පෝ දිස්ත්‍රික්කයේ විශාල පොදු නිවාස සංකීර්ණයක් වන වැන්ග් ෆුක් උසාවියේ ඊයේ (26) දින දේශීය වේලාවෙන් පස්වරු 14:51 ට මෙම ගින්න හටගෙන ඇත.

1983 දී ඉදිකරන ලද මෙම සංකීර්ණය, මහල් 31 බැගින් උස කුළුණු අටකින් සමන්විත වන අතර, ඉන් හතක් මුලින් ගින්නෙන් බලපෑමට ලක් විය.

2021 රජයේ සංගණනයකට අනුව, මෙම සංකීර්ණයේ මහල් නිවාස 1,984 ක් ඇති අතර එහි පදිංචිකරුවන් 4,600 ක් පමණ වාසය කරති. ගින්න ඇති වන අවස්ථාවේ නිවාස සංකීර්ණයේ කී දෙනෙකු සිටියාද යන්න තහවුරු වී නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

 

තායි පෝ දිස්ත්‍රික්කයේ වැන්ග් ෆුක් උසාවියේ මහල් නිවාස සංකීර්ණයේ  ගොඩනැගිලි අටෙන් හතක්ම ගින්නෙන් විනාශ වී ඇති අතර අද සවස් කාලය වන විට ඉතිරි ගිනිදැල් මැඩපැවැත්වීමට නිළධාරීන් බලාපොරොත්තු වේ.


සහන සේවා සඳහා ආධාර කිරීමට  චීන ප්‍රසිද්ධ ව්‍යාපාර කිහිපයක් පරිත්‍යාග කිරීමට පොරොන්දු වී ඇති බවත් තවත් බොහෝ දෙනෙකුගෙන් මේ වන විට විපතට පත් පදිංචිකරුවන් සඳහා පරිත්‍යාග ගලා එන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(අන්තර්ජාලය ඇසුරෙන්)
හසිනි නවෝද්‍යා