ඇන්තනි ඩේවිඩ් (සන්ඩේ ටයිම්ස්)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මකවීමට අසමත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ජේ.ටී.ඩී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගින් මෙම පරීක්ෂණය පවත්වනු ලබන අතර එය නීතිපති දප්පුලද ද ලිවේරා මහතාගේ උපදෙස් අනුව සිදුකෙරේ.
අයි.එස්. සංවිධානයේ සහාය ලබන මුස්ලිම් අන්තවාදීන් විසින් පාස්කු ඉරිදා එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා එම පරීක්ෂණය ආරම්භ කරන්නැයි උපදෙස් දී තිබේ.
කමිටු වාර්තාවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇතැයි දැනගන්නට ලැබේ.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන පද්මසිරි ජයමාන්න යන මහත්වරු ඇතුළත් වෙති.
එම කමිටුව සති දෙකක් තුළ අතුරු වාර්තාව ඉදිරිපත් කළ අතර අවසන් වාර්තාව ලබාදීම සඳහා ලබන 31 වැනිදා දක්වා කල් ඉල්ලා ඇත.
055

