(එම්. කේ. නන්දසේන)
තිස්සමහාරාම අකුරුගොඩ ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදී සිටි යුවළක් අද(03) අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම අපරාධ දූෂණ මර්ධන විශේෂ වැටලීම් ඒකකය කියයි.
ඔවුන් සතුව තිබී මත්කුඩු පැකට් 72ක් ද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් යුවළ අකුරුගොඩ කුලී නිවසක පදිංචිව සිට ඇති බව පොලිසිය කියයි.
මෙම ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම යුවළ සිටි නිවස පරීක්ෂා කිරීමේදී ඔවුන් ඇඳ සිටි වස්ත්‍රවල සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත. කිරින්ද පොලිසිය සහ තිස්සමහාරාම අපරාධ දූෂණ මර්ධන විශේෂ වැටලීම් ඒකකය මෙම වැටලීම කර තිබිණි.
සැකකරු කිරින්ද ප්‍රදේශයට මත්කුඩු රැගෙන ගොස් ධීවරයින් පිරිසකට පැකැට්ටුවක් රුපියල් 1000ක් හෝ 1500කට අලෙවි කරන බවද අනාවරණය වී ඇත.
සැකකාර යුවළ තිස්සමහරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

