(ඩයනා උදයංගනී)
කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් හෙට (27) සිට දුම්රිය ගමන් වාර 18 ක් හා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය වාර හතරක්, කැලණිවැලි මාර්ගයේ ගමන්වාර දෙකක් පමණක් ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ප්‍රධාන මාර්ගයේ සියලු සාමාන්‍ය දුම්රිය ගමන් අත්හිටුවා ඇති අතර උසස් පෙළ විභාගයට පැමිණෙන සිසුන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් පමණක් එම මාර්ගයේ ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කීවේය.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වාත්, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය නාරාහේන්පිට දුම්රිය ස්ථානය දක්වා හා පුත්තලම මාර්ගයේ දුම්රිය වයික්කාල දක්වා පමණක් ධාවනය කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.




