(මනෝප‍්‍රිය ගුණසේකර)
හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (10) දවස පුරා කොළඹ උතුර ප‍්‍රදේශවලට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලය සඳහන් කළේය.
හෙට (10) පෙරවරු 8.00 සිට අනිද්දා (11) පෙරවරු 8.00 දක්වා පෑලියගොඩ, වත්තල, ජා-ඇල, සීදුව සහ කටුනායක යන නගර සභා බල ප‍්‍රදේශවලටත් කැලණිය, බියගම, මහර සහ දොම්පේ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශවලටත් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

