(ඩයනා උදයංගනී)
දිවයිනට ගිනිකොණ දෙසින් වන පහල වායුගෝලයේ කැලඹිලි තත්වයක් වර්ධනයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (1) සහ අනිද්දා (2) දිනවල වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. සෙසු පළාත්වලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ ද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.

