(එම් .සුසිල් ප්‍රියන්ත )
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට විරෝධය පළ කිරීමේ යෝජනාවක් කරන්දෙණිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී වැඩි ඡන්ද 14 කින් සභා සම්මත විය .
පොදු ජන ප්‍රාදේශීය සභා මන්ත්‍රි දුෂාන් ප්‍රසන්න මහතා විසින් මේ යෝජනාව ගෙන එන ලදි.
සභා රැස්වීම මෙහෙයවූ පාලක පොදු ජන පෙරමුනේ උප සභාපති නිමල් බන්දු මහතා ඇතුලු දොලොස් දෙනා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනා මේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හතර දෙනා යෝජනාවට විරුද්ධව චන්දය ප්‍රකාෂ කළ අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

