
(නිමල් ජයරත්න)
නාවික හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයකුගේ නිවස අසල සඟවා තිබූ නිල ඇඳුම් හා කොටස් පී කැප් පහක් ටී.56 උණ්ඩ 15 සහ තවත් ආයුධ කිහිපයක් සමඟ අද(18 ) සැකකරු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
අරලගංවිල විශේෂ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු සහ සතුව, තිබී නාවික හමුදා නිල ඇඳුම් හා කොටස් කීපයක්ද, පී කැප් පහක්, බෙල්ට් කිහිපයක්, T 56 උණ්ඩ 15 ක්, හිස් පතුරම් කොපු විස්සක්,තහනම් පිහි දෙකක්, තිබී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, සොයාගෙන ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව විජයබාපුර ප්‍රදේශයේ පදිංචි 46 වියති නාවික හමුදාවෙන් ඉවත් වූ අයෙකු බව, ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.පී.කේ. පතිරණ මහතා අප කළ විමසීමකදී පැවසීය.
අත්අඩංගුවට ගත් නිල ඇඳුම්, පතුරම්, සමඟ සැකකරු අද( 18 ) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය කියයි.

