හිටපු ජනපති ගෝඨාභය සැප්තැම්බර් මස මුල එයි


(යොහාන් භාසුර සහ සුජිත් හේවාජූලිගේ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස මුල නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තායිලන්තයේ රැදී සිටින ඒ මහතා හෙට (24) නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට මීට පෙර පැවසුව ද එම ගමන සති දෙකක් පමණ ප්‍රමාදවනු ඇතැයි තව දුරටත් වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෙසු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.