හිටපු කතානායක අයිඩීඑච් දැඩි සත්කාර ඒකකයට


       

බිමල් ශ්‍යාමන් ජයසිංහ                             

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් නාරාහේන්පිට  පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු  කතානායක  විජමූ ලොකුබණ්ඩාර මහතා  අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇතැයි   සෞඛ්‍ය අංශ සඳහන් කරයි.         

ඒ මහතා මේ වන විට  එම  රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රජයේ ආරංචි මගින් සනාථ කරයි. 

පි සි ආර් පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසුව ලොකුබණ්ඩාර මහතාට වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් ඉකුත් 3 වැනිදා ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණි .              

මෙරට 18 වන කතානායකවරයා වූ ලොකුබණ්ඩාර මහතා 2010 , 2015 අතර කාලයේදී  සබරගමුව  පළාතේ  ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.