
(උපාලි රණවීර)
කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමකට කූටලේඛන සැකසීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන මාස පහකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හා සරත්කුමාර එදිරිසිංහට ලක්ෂ පහක මුදල් හා ලක්ෂ පහ බැගින් වූ ශරීරය ඇප පහක් මත මුදාහරින්නැයි ගම්පහ මහාධිකරණය අංක දෙක විනිසුරු නයනා සෙනවිරත්න මහත්මිය අද 30දා නියෝග කළාය.
විදේශ ගමන් තහනමක් පැනවූ විනිසුරුවරිය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් අධිකරණයට බාර දෙන ලෙසද නියෝග කළාය.
විදේශ ගමන් බලපත්‍ර නොමැති නම් ඒ පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද චූදිතයන්ට නියෝග කළ විනිසුරුවරිය ඔවුන්ට අලුතින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් නොකරන ලෙසද ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද නියෝග කළාය.
ඇප ලබා ගැනීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයට වාර්තා කරන ලෙසද විනිසුරුවරිය සැකකරුවන්ට නියෝග කළාය.

