හිටපු SSP සතිෂ්ට ඇප


(රෝෂන් තුෂාර)

ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින් ලබා දුන් රුපියල් කෝටි දෙකකට අධික අල්ලස් මුදල් බැංකු ගිණුම් තුනකට බැර කරවා ගත්තේ යැයි දින 45ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි  ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා  අද නියෝග කළේය.

ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ සතිෂ් රාජන් හියාරේ ගමගේ සැකකරු මෙසේ ඇපමත මුදාහැරිනි. 

සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය.

සැකකරු සම්බන්ධයෙන් විමර්ශන බොහොමයක් අවසන් බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම ඇපය නියම කළ අතර විමර්ශන ප්‍රගතිය ජනවාරි 06 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.