(ක.ග.කරුණාරත්න)
හිඟුරක්ගොඩ,හතමුණ ප්‍රදේශයේ පිහිටා තිබෙන බාලිකා ළමා නිවාසයෙක සිටි බාල වයස්කාර දැරියන් සිව් දෙනෙකු ඊයේ (04)රාත්‍රී සිට අතුරුදන්ව ඇති බවට අද(05)පැමිණිලි ලැබී ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය කියයි.
එහි පාලිකාව විසින් පොලීසියට කරඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ තම බාලිකා ළමා නිවාසයේ නේවාසිකව සිටි දැරියන් 04 දෙනෙකු ඊයේ(04) රාත්‍රී කිසිවෙකුටත් නොදන්වා හොර රහසේ ළමා නිවාසයෙන් නික්ම ගොස් ඇති බවට සැක කරන බවයි.
ඔව්හු අවුරුදු 14,15,16 යන වයස් කාණ්ඩවල පසුවූ අය බවද කියති.
අතුරුදන්ව සිටින මෙම දැරියන් හතර දෙනා සෙවීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බව ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් නිලධාරීහු පැවැසූහ.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි හිඟුරක්ගොඩ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

