(ඩබ්ලිව්. ඒ. පියතිලක)
බඩු මිල, පොහොර අර්බුදය සහ ජිවන වියදම ඉහළ යැමට විසදුම් ඉල්ලා හිගුරක්ගොඩ නගරයෙදි කාන්තාවෝ පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුහ.
එහිදි විරෝධතාකරුවෝ "බඩු මිල වහා අඩු කර ජනතාවට සහන ලබා දෙනු " රුපියල් කෝටි විසිදහසක තෙල් මිල පාලන අරමුදලට සිදු වූ දේ රටට හෙළිකරනු, බොරු කතා එපා බඩු මිල අඩු කරනු , ජනතාව කබලෙන් ලිපට වහා බඩු මිල අඩු කරනු, යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් කාන්තාවන් පැය දෙකක පමණ කාලයක් විරෝධතාවයේ නියැලුණහ.
බඩු මිළ ඉහළ යැම නිසා වැඩියෙන් අපහසුතාවයට පත්ව සිටින්නේ කාන්තාවන් බැවින් වහාම ආණ්ඩුව ඉදිරිපත් වී විසදුම් ලබා දෙන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිහ.
මේ ප්‍රදේශයේ කාන්තාවන් 50ක පමණ පිරිසක් සහභාගි වි සිටිහ.