හිඟ මාත්‍රා ගන්න රටවල් තුනක් සමග සාකච්ඡා


(සුජිත් හේවාජුලිගේ )

මෙරට ජනතාවට හිඟ පාඩු වී ඇති අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හය ලබා ගැනීම සඳහා ඩෙන්මාර්කය, නොර්වේ හා ස්වීඩනය යන රටවල නායකයන් සමඟ ඒ රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සාකච්ඡා කරගෙන යන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති .

මේ හිඟ එන්නත් ඉන්දුනීසියාවෙන් මිලදී ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇත .

හිඟ එන්නත් තොගය ලබාගැනීමට ගත හැකි සෑම උත්සාහයක්ම දරන බව එන්නත් ගෙන්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පැවසීය .

අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව මෙරට පනස් දහසකට වැඩි සංඛ්‍යාවකට දැනටමත් ලබා දී ඇත.දැනට හිඟ පාඩුව ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ හයක් පමණ කැයි සෞඛ්‍ය අංශ නිලධාරිහු පවසති.