හැටහතර හැවිරිදි කතට දස පොළකට මන්නයකින් කොටලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම සමරනායක පුර ප්‍රදේශයේදී ගස් නැගීමේ නිරත පුද්ගලයකු වෙළඳ සැලක් පවත්වාගෙන යන 64 හැවිරිදි  කාන්තාවකට දසපොළකට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදුකර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි

සැකකරු පහරදීමට යොදාගත් අඩි එකහමාරක් පමණ දිග මාළු කැපිමට යොදාගන්නා මන්නයක් සමග පොලිස් භාරයට ගෙන ඇත

සැකකරු සහ තුවාල ලද කාන්තාව එකිනෙක ආසන්න නිවෙස් වල පදිංචිව සිටින අතර   කාන්තාව විසින් නිරතුරුව බැණ වැදීම හේතුවෙන් කෝපය ඉවසාගත නොහැකිව  ඇයට මන්නයෙන් පහර දුන් බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පැවසීයයි පොලිසිය කියයි

කාන්තාව විසින් පවත්වාගෙන යන වෙළඳ සැල ඉදිරිපිට දීම මෙම පහරදීම සිදුකර ඇති අතර ඇයගේ හිසට සහ අතට බරපතල තුවාල සිදුවි ඇතැයි පොලිසිය කියයි