හැටන් නැෂනල් බැංකු මූලස්ථානයේ කොරෝනා නෑ


 

කොළඹ ටී.බී. ඡායා මාවතේ පිහිටි ‘එච්.එන්.බී. ටවර්ස්’ ගොඩනැගිල්ලේ 19 වැනි මහලේ සේවය කරන කිසිවකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බව හැටන් නැෂනල් බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම ගොඩනැගිල්ලේ 19 වැනි මහලේ සේවය කළ අයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉකුත් දා (15) තහවුරු වූ බවත්, ඒ අනුව එම මහලේ අදාළ කාර්යාල පරිශ‍්‍රයේ සේවය කරන සියලූම කාර්ය මණ්ඩල සහ ඔවුන්ගේ සමීපතමයන් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කළ බවත් එම නිවේදනයේ සඳහන් වේ. 

සිය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රමුඛතාව බවත් ‘කොවිඩ්-19’ වසංගතය පැතිරීම අවම කිරීම සඳහා දැඩි මාර්ගෝපදේශ අඛණ්ඩව අනුගමනය කරන බවත් අදාළ නිවේදනයේ දැක්වේ. 

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. 

055