හැටන් නගරයේ සියලු වෙළඳසැල් වසාදමයි


 

(සුදත් එච්.එම්. හේවා)
 
හැටන් නගරයෙන් කොවිඩ් ආසාදිතයකු හමුවීමත් සමග හැටන් නගරයේ  සියලුම වෙළඳසැල් වසා දැමීමට  හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර  ගෙන ඇත.
 
හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පැවසුවේ, හැටන් නගරයෙන් පළමුවරට ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් අද(25) උදෑසන පොදු වෙළඳපොළ භූමිය ද වසා දැමූ බවය.
 
එම පියවර ගැනීමත් සමග නගරයට පැමිණි ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි පැදීමකින් හා සමාජ දුරස්ථබාවයකින් තොරව වෙළඳසැල්වල එක් රොක්වීමත් සමග ප්‍රදේශයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හැටන් නගරයේ  සියලුම වෙළඳසැල් වසා දැමීමට පියවර ගත් බවද ඒ මහතා කීය.
 
මෙම කොවිඩ් අසාදිතයා හේතුවෙන් නගරයේ උද්ගතව ඇති තත්වයන් පිලිබදව අදාල අංශ සමග සකච්චා කර ඉදිරි පියවර ගැනිමට කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.