හෂිෂ් සමඟ විදෙස් කත ගුවන්තොටේදී අල්ලයි


(ටී.කේ.ජී.කපිල )

රුපියල් දහ අට කෝටි දස ලක්ෂයක්  වටිනා "හෂීෂ් " මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් විදේශීය ගුවන් මගී කාන්තාවක් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් අද(22) අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය 37 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවකි . ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ මොන්ට්‍රියල් නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම " හෂීෂ් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18 යි ග්‍රෑම් 123 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .