හලාවත ලිසිං සමාගමක සේප්පුව කපා ලක්ෂ 71 ක් පන්නලා


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත නගරයෙ පිහිටි ප්‍රධාන පෙලේ ලිසිං සමාගමක ශාඛාවක  බිත්ති කඩා රහසේ ඇතුල් වී ඇති සොරුන් කණ්ඩායමක් එහි සේප්පුවල ආරක්ෂීතව  තිබු රුපියල් ලක්ෂ 71 කට ආසන්න මුදලක් සොරා ගෙන ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය පවසයි.

මෙම ලිසිං ශාඛාවට  අද සොරුන් කණ්ඩායමක් බිත්ති කඩා උපක්‍රමශීලි ලෙස ඇතුල් වි ඇති බවත් ඉන් පසුව එහි පැය කිපයක් රැදි සිටිමින් කිසියම් යාන්ත්‍රික ග්‍රයින්ඩර් භාවිතා කරමින් සේප්පු දෙකක් කපා ඇති බව පොලීසිය කියයි.

රාජකාරි නිමවා නිවෙස් වලට ගොස් ඇති එම ලිසිං ශාඛවේ සේවකයින් නැවත අද (31 ) දින උදෑසන සේවයට පැමිනි විට තම ආයතනයේ සේප්පු කපා මුදල් රැගෙන ගොස් ඇති බව දැක තිබේන බව කියයි.