
(දිනේෂ් සමරකෝන්)
දැදුරු ඔය ජලාශය වාන් දැමීම හේතුවෙන් අද (27) හෝ හෙට (28) හලාවත නගරය ජලයෙන් යටවීමේ අවධානමක් තිබෙන බව වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා පැවසීය.
අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.
“වැඩිම අවධානමක් දැදුරු ඔය ජලාශයේ තිබෙනවා. දැදුරු ඔය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 65,000ක් වාන් දොරටු වලින් එළියට දානවා. ඒක ගඟේ ධාරිතාව වගේ ආසන්න වශයෙන් තුන් ගුණයක් විතර ප්‍රමාණයක්.
ඒ අනුව ගඟේ දෙපැත්ත සම්පූර්ණයෙන්ම යට වෙනවා. දැදුරු ඔය ජලාශය වාන් දැමීම හේතුවෙන් අද සවස හෝ හෙට වන විට හලාවත නගරය ජලයෙන් යටවීමේ අවධානමක් තිබෙනවා. විශේෂයෙන් රෝහල, පදිංචි ජනතාව සහ ව්‍යාපාරිකයන් අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා.

