හලාවත පොදු වෙළඳපොල සතියක් වහයි


( ඔගස්ටින් ප්‍රනාන්දු)

හලාවත නගරයේ පවත්වා ගෙන යන පොදු මාළු හා එළවළු වෙළදපොළ හෙට (27)  සිට සතියක කාලයකට වසා දැමීමට අද (26) හලාවත නගර සභාවේ පැවැති විශේෂ රැස්වීමක දි තීරණය කරණ ලදි.

හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතගේ (එජාප)  මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

සෞඛ්‍ය අංශයේ  නිලධාරින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු අනුව පෑළියගොඩ මත්ස්‍ය වෙළදපල  මේ වන විට හලාවත පොදු මාළු වෙළදපළ ආශ්‍රීතව පුද්ගලයින් සිව් දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් හදුනා ගෙන තිබේ.

පවුල් 27 ක සාමාජික සාමාජිකාවන්  තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටින බවත් හෙළිවීමෙන් හලාවත පොදු මාළු හා එළවළු වෙළදපළ දෙක වසා දැමීම කිලෝචිත බැවින් මෙම තීරණය ගන්නා බව නගර සබාවේ සභාපති අබේසේකර මහතා කීය.

කෙසේ වෙතත් නගරයේ ධීවර ජනතාව මුහුදු යාමෙන් පසු නෙලා ගන්නා මත්ස්‍ය අස්වැන්න අලෙවි කිරිමට විකල්ප ක්‍රියා මාර්ගයක් ගැනීමට ද මෙහිදි තීරණය විය.

මේ අතර මේ වන විට නිවෙස් වල ස්වයං නිරෝධායනයට ලක්වි ඇති පවුල් වෙනුවෙන් එක් පවුලක් වෙනුවෙන් රුපියල් 2500 ක් වටිනා වියළි සහනාධාර මල්ලක් ලබා දිමට ද මෙහි දි අනුමතිය ලැබිණි.