
(විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ලබන 13 වැනිදා තෙක් යළි රිමාන්ඩ් ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(06) නියෝග කළාය.
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් 47,8307.03ක් වටිනා අයි ෆෝන් ජංගම දුරකතනයක්, අයි පෑඩ් එකක්, ඇපල් මැක්බුක් ලැප්ටොප් පරිගණකයක් සහ ඒවායේ චාජර සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට තුසිත හල්ලොලුවට චෝදනා එල්ල වී ඇත.

