හයිඩ්‍රාමනි සමූහයේ කාර්ය මණ්ඩලයෙන් හමු වූ නව කොරෝනා වයිරස ආසාදිත රෝගියා මේ වනවිට සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත් එම සමූහයේ කාර්ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අදාළ සේවකයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉකුත් දා හඳුනාගත් බවත් ඉන් අනතුරුව එම ආසාදිතයා සමීපව ඇසුරු කළ 250කට ආසන්න පිරිසක් ඉකුත් 18 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඒ කිසිදු පුද්ගලයකුට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී නැතැයි ද එම සමාගම සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.


