හමුදාව - පොලිසිය යෙදවුවහොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් වෙයි


(යොහාන් භාසුර)

රෝහල් තුළට හමුදාව හෝ පොලිසිය යොදවලා වැඩවර්ජනය මර්ධනය කිරීමට උත්සහ කළ හොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් බවට අනිවාර්යෙන්ම පත්වන බවත් අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින් වැඩවර්ජනය දිගු නොකරන්නැයි රජයට කියන බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (14) පස්වරුවේ පැවසීය.

වැඩවර්ජනයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මත වර්ජනයේ ආයුකාලය තීරණය වන බව ද ඒ මහතා කීය.

සියලු සෞඛ්‍ය සහයක සේවා හෙට පෙරවරු 6.30 වර්ජනය ආරම්භ කරන බව කී කුමුදේශ් මහතා පෙරවරු 8.00 සිට සියළුම සෞඛ්‍ය වෘත්තීයවේදීන් වැඩවර්ජනයට එකතු වීමට නියමිත බව ද සඳහන් කළේය.