(ඩි.ජී.සුගතපාල)
කොරෝනා ආසාදිතයෙකු වාර්තාවිම නිසා හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අද (30) සිට තාවකාලිව වසා දැමිමට පියවර ගත් බව ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.එම්.එම්.ශර්ෆාස් මහතා පවසයි.
මෙයට දින කිහිපයකට පෙර ගිණුම් අංශයේ නිලධාරියකු ආසාදිතවිම නිසා එහි විසි දෙනකු නිරෝධායනය කිරිමට පියවර ගත් අතර පෙරේදා ආයතන අංශයේ නිලධාරියෙකුද ආසාදිත බවට තහවුරුවිම නිසා මෙසේ වසා දැමිමට පියවර ගත් බවද සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා කියයි.

