හබරණදී වෑන් රියක ගැටී ගැබ්බර ඇතින්නක් මරුට


(ඩබ්. ඒ. පියතිලක)


හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් එම මාර්ගයේ  133-134 සැතපුම් කණු  ආසන්නයේදී ගැබ්බර ඇතින්නකගේ ගැටීමෙන්  ඇතින්න එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර වෑන්රියට දැඩි හානී වී තිබේ.


හබරණ සිට  ත්‍රිකුණාමලය දෙසට ගමන් කරමින් තිබූ මෙම වෑන් රථයේ සිටි කිසිවෙකුට හානි වී නොමැති බව හබරණ හතරැස් කොටුව පොලිසිය කියයි.
 ඊයේ (24) රාත්‍රියේදී  මෙම අනතුර සිදු වී ඇත.


මියගොස් ඇත්තේ ජාතික හුරුළු උද්‍යානයේ සිට කවුඩුල්ල ජාතික උද්‍යානය වෙත මාර්ගය හරහා මාරුවෙමින්  සිටි  අවුරුදු 15ක් පමණ ගැබ්බර ඇතින්නියෙකු බව වනජීවි නිලධාරිහු පවසති.


වෑන් රථයේ ගමන් ගත් දෙදෙනා කන්තලේ පදිංචිකරුවන් බවත් ඉන් අයෙකුට පමණක් සුළු තුවාලයක් සිදුව ඇති බවත්  පොලිසිය කියයි.


අනතුර ඇති වූ ප්‍රදේශය වන සතුන් උද්‍යානය වෙත මාරුවන ස්ථානයක් බවත් මෙම මාර්ගය භාවිතා කරන රියදුරන් අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම නිසා  සෑම දිනකම  වන සතුන්ගේ ජීවිත අහිමි වන බවත් වනජීවි නිලධාරිහු වැඩිදුරටත් පැවසූහ.


මෙම අනතුර පිළිබඳ  හබරණ හතරැස් කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.