
(සමන් පාලිත නානායක්කාර)
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේ දී පස්කඳු සහ ගල් පර්වත කඩා වැටීමෙන් සම්පූර්ණයෙන් අවහිර වූ මර්ගයේ එක් මන්ත්‍රිරුවක් විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.
අධික වර්ෂාව සමග ගල් පර්වත සමග පස්කඳු කඩාවැටී තැනින් තැන මාර්ගය අවහිර වී ඇති අතර එම ස්ථානය දෙපස වාහන පෝලිමක් ද නවතා තිබෙන බවත් වාහන නවතා තැබීම ඉතා අනතුරුදායක බවත් පොලිසිය පවසයි.
අනතුරුදායක ලෙස නවතා ඇති වාහන ආරක්ෂාකාරී ලෙස ඉවත් කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන බවද පොලිසිය කියයි. ඉකුත් සතියේ ද මෙම ස්ථානයට නුදුරින් පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වූ අතර නැවතත් එම ආසන්නයේම මෙම නා යාම සිදුවී ඇති බවද පොලිසිය කියයි.
මේ වෙන විට මහ වැසි සමඟ විශාල වතුර පහරක් ප්‍රධාන මාර්ගය ඔස්සේ ගලා යන බවද තැනින් තැනට විශාල ගල් පෙරළී තිබෙනු දක්නට ලැබෙන බවද රියැදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු පවසති.
බදුල්ල පස්සර හිඟුරුකඩුව මාර්ගයේ අමුණුමුල්ල ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය ද සම්පූර්ණයෙන්ම අවහිර වි ඇත.





