හඳුනා නොගත් විදේශිකයින් 25 කගේ මළ සිරුරු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ


(තිළිණි ද සිල්වා)

කොළඹ තරු පහේ හෝටල් තුනක සහ දේවස්ථානයක පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය හඳුනා නොගත් විදේශිකයින් 25 දෙනෙකු ගේ මළසිරුරු ⁣කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව මියගිය පුද්ගලයින් අතර සිටි ඉන්දීය ජාතිකයින් 3 දෙනෙකු ද , එක් පෘතුගීසි ජාතිකයෙකු ද , තුර්කි ජාතියින් 2 දෙනෙකුද , එක්සත් රාජධානියේ 2 දෙනෙකු සහ ඇමෙරිකා හා එක්සත් රාජධානි පුරවැසිභාවය දරන දෙදෙනෙකුද හඳුනාගත් මළ සිරුරු අතර වන බව විදේශ කටයුතු අමත්‍යාංශ නිලධාරියෙකු පැවසීය.

මීට අමතර ප්‍රහාර සිදු වු ඊයේ (21) සවස 6.00 වන විටත් තවත් විදේශිකයින් 19 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.