(ෂේන් සෙනෙවිරත්න )
හන්තාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් තුළ මව සහ දියණිය විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි .
එම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකාරිණීය ලෙස දුව කටයුතු කොට ඇති අතර මුදල් අයකැමි ලෙස මව කටයුතු කොට ඇති බව පවසන පොලිසිය ඔවුන් ගලෙන් බිඳුනු වැව ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවද කියයි .
ලද තොරතුරකට අනුව මෙම ගණිකා නිවාසය පිළිබඳව සති දෙකක කාලයක් පොලිස් නිලධාරීන් ආවේෂණ රාජකාරිවල නිරතව සිට රුපියල් 5,000ක මුදලකට උපාය දූතයෙක් යොදවා ගණිකාවක මිලදී ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .

