හඟුරන්කෙත ඝාතනයට අටක් සැකපිට


(ෂේන් සෙනෙවිරත්න)

හගුරන්කෙත උඩවත්තකුඹුර ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

ඉකුත් 19 වැනි දින දෙපිරිසක් අතර ඇති වූ ඉඩම් ආරවුලකදී එම තරුණයාගේ හිසට දරුණු පහරක් වැදි මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගියේය . එම ගැටුමෙන් එම තරුණයා ගේ පියාට ද බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි .

ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ යැයි පවසමින් දෙසීයකට අධික පිරිසක් හඟුරන්කෙත පොලිසිය වටලා කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් විසුරවා හැරීමට අහසට වෙඩි තැබීමට ද පොලිසියට සිදුවිය .

එම පහරදීමෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි ඊට සම්බන්ධ සැකකරුවන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් එසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අතර එක් කාන්තාවක් ඇයගේ සැමියා සහ පුත්‍රයාද සිටී .