
(විමුක්ති එස් රොද්‍රිගූ)
සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු සමග අද (14) අලුයම ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
අද උදෑසන විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා බින් ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සාකච්චාවක් පැවැත්වූහ

