(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළ නිලධාරිනිය 2019 වසරේ දී සිංගප්පූරුවේ විදේශ පුහුණුවක් සඳහා නිවාඩු අනුමත කරගෙන ඇතත් මාස අටක කාලයක් මෙරට රැඳී සිටිමින් එම විදේශ පුහුණු දීමනාව ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් පත් කෙරුණු අනුකාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා අමාත්‍යාංශයේ විමර්ශන අංශයෙන් නිර්දේශයක් නොගෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවටදී ඇති නිර්දේශයක් මත මෙම නිලධාරිනිය සියලු චෝදනාවලින් නිදහස් කර ඇති බව විගණන නිලධාරීහු කමිටුවට දැනුම් දුන්හ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් වහාම දෙන ලෙස කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

