සෞඛ්‍ය ඩිජිටල් කරන්න මෙහෙයුම් කමිටුවක්


(අංජුල මහික වීරරත්න)

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරිම සදහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර දහය (2026- 2035) සදහා  ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සරිලන ආකාරයට ඩිජිටල් පරිවර්තනයට ලක්කිරීමේ හැකියාව පිළිබදවත් ඒ සඳහා අනුගමනය කළ යුතු කෙටිකාලීන සහ දිගු කාලීන ක්‍රමවේදයන් පිළිබදවත් ඉතා පුළුල්ව විමසා බැලිණි.

ඩිජිටල්කරණය සදහා උපායමාර්ගික රාමුවක් ස්ථාපිත කිරීම, ඩිජිටල් මාධ්‍ය හරහා සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ඒ සදහා ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රධාන ව්‍යාපෘති (HIQI, HSEP, PHSEP) අනුගතකර ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් පරිවර්ථනය සඳහා ප්‍රධාන සංකල්ප සහ අවශ්‍යතා, මෙහෙයුම් කමිටු සංකල්ප, කෙටුම්පත් සංකල්ප සහ අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව මෙහි දී  දීර්ඝ වශයෙන් සැලසුම් සකස් කිරීමට අදාලව සාකච්ඡා සිදු විය.