
(රංජිත් කරුණාවීර සහ ප්‍රසාද් රුක්මල් )
මහියංගන ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර 1 කනුව ප්‍රදේශයේ දී අද (26) රාත්‍රි වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටිමෙන් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කළ බව මහියංගන පොලිසිය පවසයි .
බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක් අනතුරින් මෙසේ තුවාල ලබා ඇතයි පොලිසිය කීය
තුවාලකරුවන් අතර අවුරුදු 10ක කුඩා දරුවකු ඇතුලු කාන්තාවෝ හයක් වෙති.
අනතුරින් වෑන් රථ රියැදුරු ද බරපතළ තුවාල ලබා ඇත.
මොවුන් අනුරාධපුරයට ගොස් ආපසු බදුල්ල බලා ගමන් කරමින් සිටියදි වෑන් රථයේ රියැදුරුට නින්ද යාම නිසාවෙන් මෙසේ වෑන් රථය මාර්ගයේ ඉවතට පැන විශාල ගසක ගැටීඇති අතර ,තුවාලකරුවන් වෑන් රථය තුල සිරවී සිටියදි මහත් වෙහෙසක් දරා පොලිස් නිළධාරින් අවට උදවිය එක්වී ඉවතට ගෙන මහියංගන රෝහලට ඇතුළත් කර ඇත.

