
(නිශාන්ත කුමාර සහ පාලිත ආරියවංශ )
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වත්තේකැලේ ,කන්දේගෙදර එගොඩවෙල, ඇතුළු ගම්මාන රැසක හැටකට 60 ක පමණ පිරිසක් අද (09) උදෑසන සොරණාතොට ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
තම ජල බිල්පත හිටි හැටියේම ඉහළ නැංවීම, මෙන්ම තමුන්ට ජල සැපයුම් තුලින් පිරිසිදු ජලය ලබා නොදීමට විරෝධය පළකරමින් ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරතව සිටියහ.
ජල පාරිභෝගික අයිතීන් සුරැකීමේ එකමුතුව මගින් උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
අද (09) උදෑසන 9.00 ට පමණ ප්‍රාදේශීය සභාව ඉදිරිපසින් දිවෙන බදුල්ල මහියංගන මාර්ගය අසලින් විරෝධතාව ආරම්භ කළ පිරිස පසුව මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නියළුනු අතර පෙරවරු 1000 ට පමණ ඔවුහු ප්‍රාදේශීය සභාවේ පිවිසුම් දොරටුව ඉදිරිපසට පැමිණ යළිත් සටන්පාඨ කියමින් විරෝධතා දක්වන්නට වූහ.
‘‘ පිරිසිදු ජලය වහා ලබා දියව්, අසාධාරණ ලෙස වැඩි කළ ජල බිල වහා පහත හෙලනු ‘‘ ආදී වැකි සඳහන් පුවරු අතින් ගත් උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වන්නට වූහ.
උද්ඝෝෂකයින් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් බදුල්ල මහියංගන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.



